Cristina Carlin dead. - Playboy

හිටපු ප්ලේබොයි නිරූපිකාවක බව කියැවෙන 36 හැවිරිදි ක්රිස්ටිනා කාර්ලින්-ක්රාෆ්ට් ඇමරිකා
Chirstina  carlin
වේ ෆිලඩෙල්ෆියා නාගරිකයේ මහල් නිවසකදී අභිරහස් ලෙස මරාදමා තිබී පසුගිය බදාදා රාත්‍රියේදී හමුවී තිබේ.  බැංකු නිලධාරියෙකුවූ ඇගේ පෙම්වතාට අයත් මෙම නිවසේ නිදන කාමරය තුළ ගෙල මිරිකා මරාදමා තිබුණ බව පොලිසිය වාර්තා කර තිබේ. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇය
නිවසේ සිට ඇත්තේ තනිවමය. 

ඇය වසර 9 ක් තිස්සේ මෙම නිවසේ පදිංචිව සිටි බවත් මියයන්නට දින කිහිපයකට පෙර ඇගේ නිවසේ සොරකමක් සිදුවී පසුව පොලිසිය මැදිහත්වී එම සොරා අල්ලාගෙන සිද්ධිය වූ දින සවස පොලිසියේදී ඇය හමුවට ඉදිරිපත් කළ බවත් පැවසුණ අතර එම අවස්ථාවෙ 


එම සොරා සොරාගත් භාණ්ඩ කිහිපයක්, ස්වර්ණාභරණ සහ මෝස්තර නිර්මාණ අත්බෑග් ආදිය ඇයට භාරදී තිබෙන බව වාර්තා විය.
අනතුරුව එදිනම රාත්‍රියේ ඇයගේ මෙම අභිරහස් ඝාතනය වාර්තාවූ අතර සීසීටීවී පරීක්ෂාවේදී පෙර කී සොරාට සමාන කෙනෙකු නිවසේ බැල්කනියකින් පැන නිවසට ඇතුළුවන අයුරු දැකගන්නට ලැබුණ බව පොලිසිය දන්වා ඇත.
ඒ අනුව සොරකම සිදු කළ පුද්ගලයාම මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසියට විශාල සැකයක් පැනනැගී ඇත. 
තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි පළමු මහල් ඒකකයක නිදන කාමරයේ තිබී රාත්‍රී 9.15 ට පමණ ඇගේ සිරුර හමුවිය.

මේ වනවිට ඇන්ඩ්‍රේ මෙල්ටන් (31) නමැති සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර ඔහු නිවසින් පළාගොස් තිබෙන බවද වාර්තාවේ.
මියගිය නිරූපිකාවගේ ඥාතීන් මෙම සිද්ධිය නිසා අධික කම්පනයට පත්ව ඇත. ඔවුන් පවසා සිටින්නේ ඇය ගැන කිසිවෙකු ප්ලෙබෝයි නිරූපිකාවක ලෙස පමණක් අර්ථ දක්වනවානම් වැරදි බවත් ඇය ඉතා මානුෂික ගුණධර්ම පිරුණ අහිංසක කාන්තාවක බවත්ය.

මියගිය ක්රිස්ටිනා කාර්ලින්-ක්රාෆ්ට් වැනිටි ෆෙයාර්, මැක්සිම් ආදී සඟරාවලත්, වික්ටෝරියාස් සීක්රට් සහ ප්ලේබෝයි ආයතන සමගත් කාලයක් තිස්සේ කටයුතු කර තිබෙන නිරූපිකාවකි.
Comment Box is loading comments...